ගෝඨාට රටින් පනින්න උදව් කළේ මමයි

මහජන විරෝධය මධ්‍යයේ රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු සූදානම් කළ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ඉංග්‍රීසි පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා පවසා තිබුණේ, හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට අදාළ කාලය තුළ රැඳී සිටීමට මාලදිවයිනේ නිවාඩු නිකේතනයක පහසුකම් සැපයූ බවයි.

ඉකුත් 2022 වසරේ ජූලි 13 වැනි දා දිවයිනෙන් පළා ගිය එවක ජනාධිපතිවරයා මුලින් ම මාලදිවයිනටත්, එතැනින් සිංගප්පූරුවත් බලා පළා ගියා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙරට දී මතු වූ මහජන විරෝධතාව වැනි තත්ත්වයකට ම තමන් ද මාලේ නුවර දී මුහුණ දී ඇති බව එම සාකච්ඡාවේ දී පවසා තිබුණු මොහොමඩ් නෂීඩ් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තත්ත්වය සමනයකට පත් කිරීම සඳහා තමාට කළ හැකි හොඳම දෙය නම්, ඔහුගේ නික්මයාමට පහසුකම් සැලසීම බවත්, ඒ සමග ඔහුට ඉල්ලා අස්වීමට ඇති හැකියාවත්, ශ්‍රී ලාංකිකයින්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමට අවස්ථාවක් ලබා දීමත් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *