චන්දය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

කවර ආකාරයක හෝ දේශපාලන උපක්‍රමයක් භාවිත කොට ඡන්දය කල් නොදැමුවහොත්, ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 28 සෙනසුරාදා පැවැත්වීමට ඉඩ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව ‘දේශය’ පවසයි.

ඊට පෙර නිකුත් කළ යුතු ජනාධිපතිවරණය පිළිබඳ මූලික නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද සඳහන්ය.

පවත්නා නීතිමය තත්ත්වය අනුව ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 දා සහ ඔක්තෝබර් මස 16 දා අතර දිනයක පවත්වා හමාර කළ යුතුය.

ඒ අතර පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ ඔක්තෝබර් මස 16 දාට අඩුම වශයෙන් දෙසතියකට පෙර ඡන්දයට දින නියම කරන බවය.

ඊට හේතු ලෙස සඳහන් කළේ යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වීමේදී කිසියම් දූෂණයක් හෝ වෙනත් නීති උල්ලංඝනයක් නිසා යම් යම් ඡන්දපොළවල මැතිවරණය අවලංගු කිරීමට සිදුවුවහොත් නැවත එම ඡන්දපොළවල මැතිවරණය පවත්වා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට දෙසතියක පමණ කාලයක් අවශ්‍ය වීම බවයි.

ඒ ආකාරයට ගණනය කළහොත් ඔක්තෝබර් මස 10 දා සිට දින 14ක් (සති දෙකක්) පසුපසට ගත්විට යෙදෙන්නේ ඔක්තෝබර් මස 02 දිනයි.

නීතිමය වශයෙන් සඳහන්ව නැතත් මෙතෙක් කල් සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ සෙනසුරාදා දිනයක වන බැවින් ඔක්තෝබර් මස 2 දාට පෙර එළඹෙන සෙනසුරාදා සැප්තැම්බර් 28 දිනය වන බැවින් ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 28 දින පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *