චමරිගේ විශ්‍රාම ගැනීම ගැන ඇහෙන කතාවලට ඇයගෙන් ප්‍රතිචාර

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ තමා විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පළවන විවිධ වාර්තාවලට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය මේ පිළිබඳව පවසා ඇත්තේ තම අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ T20 විශිෂ්ට තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව ‘මගේ රට වෙනුවෙන් අවසන් රාජකාරිය’ යනුවෙන් සඳහන් කර අතපත්තු දමා තිබු ෆේස්බුක් සටහනකින් විශ්‍රාම ගැනීම පිළිබඳ ඉඟි මතුව තිබිණි.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ තම අවධානය සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ එළඹෙන ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *