චීනයට එරෙහිව ජපානය හා පිලිපීනය වෙනුවෙන් අමෙරිකාව පෙරට එයි

චීනයේ බලපෑම් හමුවේ ජපානය සහ පිලිපීනය වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.

ඒ, එම රටවල් ත්‍රිත්වයේ නායකයින් අතර පැවැති විශේෂ හමුවක දී යි.

එම හමුව සඳහා පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා අමෙරිකාවට පැමිණ තිබුණා.

ඔවුන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවුණේ ධවල මන්දිරයේ දී යි.

එහි දී ජෝ බයිඩ්න් ජපාන සහ පිලිපීන නායකයින්ට පවසා ඇත්තේ, ජපානයට සහ පිලිපීනයට එක්සත් ජනපදයේ ආරක්ෂක කැපවීම් යකඩ ආවරණයක් බවත්, එකා මෙන් නැගී සිටින විට වඩා හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහි දී පවසා තිබෙනවා.

එමෙන් ම පිලිපීන – චීන අර්බුදය සම්බන්ධයෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා එහි දී අදහස් පළ කර ඇති අතර, ඔහු සඳහන් කර තිබුණේ, දකුණු චීන මුහුදේ පිලිපීන ගුවන් යානා, යාත්‍රා හෝ සන්නද්ධ හමුදාවන්ට එරෙහි ඕනෑ ම ප්‍රහාරයක දී අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම අනුව පිලිපීනය ආරක්ෂා කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *