චීනයට එරෙහිව රටවල් හතරක් සහයෝගිතාව නංවයි

දකුණු චීන මුහුදේ චීනයේ වර්ධනය වන ආතතියට ප්‍රතිචාර වශයෙන්, ඔස්ට්‍රෙලියාව, එක්සත් ජනපදය, ජපානය සහ පිලිපීනය සමඟ සිය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, දකුණු චීන මුහුදු කලාපය තුළ වර්ධනය වන චීනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය පදනම් කර ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු චීන මුහුදු කලාපය තුළ චීනය සිය අණසක පැතිරවීමට දරණ උත්සහයට ඔස්ට්‍රෙලියාව, එරට ඉන්දු-පැසිෆික් කලාපීය මිතුරු රටවල් සහ අමෙරිකාවට අනතුරු අඟවමින් තිබෙනවා.

ඒ හමුවේ මේවනවිටත් ඔස්ට්‍රෙලියාව, අමෙරිකාව, ජපානය සහ පිලිපීනය සමඟ යුද අභ්‍යාස වේගවත් කිරීමට එකඟ වී ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

එහි එක් අදියරක් ලෙස ඉකුත් සිකුරාදා රටවල් හතරේ ආරක්ෂක නිලධාරීන් හවායිහි දී රැස් වූ අතර එහි දී ඉන්දු – පැසිෆික් කලාපයේ නාවික නිදහස ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *