චීනයේ අභ්‍යන්තර රාජ්‍ය පාලනය දැඩි අර්බුධයක

චීනයේ අභ්‍යන්තර රාජ්‍ය පාලනය දැඩි අර්බුධයකට ලක්ව ඇති බවත්, විවිධ සමාජ කොටස් හරහා රජයට එල්ල වන විරෝධතා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ජනතාවගේ හඬ නැගීම් ඉහළ ගොස් ඇති බවත්, ආන්ඩුවේ අකාර්යක්ෂම ප්‍රතිපත්ති ඔවුන්ගේ විරෝධය තවත් තීව්‍ර කර ඇති බවත් එම වාර්තාවල ස‍ඳහන්.

කෙසේ වෙතත් මහජන විරෝධතා සඳහා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිචාරය ඉතා දැඩි බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඕනෑම ආකාරයක විරෝධයක් සාර්ථකව මැඩපවත්වමින් මර්දනකාරී වැඩපිළිවෙළක් රට තුළ ගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස, ජනතාව සහ පාලක පක්ෂය අතර මතගැටුම් උත්සන්න වී ඇති අතර, චීනයේ නගර කිහිපයක පොලීසිය සහ සිවිල් වැසියන් අතර ගැටුම් හට ගෙන ඇතැයි ද සඳහන්.

ඒ හමුවේ චීනය තුළ දේශපාලන තත්ත්වය ඉතා අස්ථාවර හා ගැටුම්වලින් පිරී පවතින බවත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සමීප අවධානයක් ඒ සඳහා අවශ්‍ය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයේ ආරක්ෂක අංශ සහ ජනතාව අතර පවතින ගැටුම්කාරී සිදුවීම් චීනය පුරා නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ දෙකටම භයානක ලෙස පැතිරී ඇති බව ද වාර්තා වනවා.

මෙම ගැටුම් බොහෝ විට පැන නගින්නේ ආයතනවල මූල්‍ය අංශයේ පවතින බිඳවැටීම් හේතුවෙන් බව ද සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සහ සිවිල් වැසියන් අතර පවතින මතගැටුම් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම රට තුළ පවතින ඇතැම් ගැටළු විසඳීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලට රජයේ මැදිහත්වීම ඉතා ඉහළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එවැනි තත්ත්වයන් බොහෝ විට දැකිය හැක්කේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම්වලදී බවයි වාර්තා වන්නේ.

රජයේ එවැනි ක්‍රියාවලට එරෙහිව පුරවැසියන් දැඩි ලෙස විරෝධය දැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වන බවයි පැවසෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *