චීනයේ පිපිරීමකින් 5ක් මරුට 14කට තුවාල

චීනයේ හෙනාන් හි කාර්මික උද්‍යානයේ පිපිරීමකින් 5 දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක මෙම පිපිරීම සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

මෙම පිපිරීම ඊයේ (26) පස්වරු 6.32ට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *