චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන රජයේ දූත පිරිසක් හමුවීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

මේ අවස්ථාවට චීන දූත පිරිස නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao මහතා, අධ්‍යක්ෂ Li Jinyan මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun මහත්මිය, නියෝජ්‍ය ඇමතිවරයාගේ ලේකම් Jin Yan මහත්මිය සහ Interpreter ලෙස කටයුතු කරන Zhang Guyu මහතා ද එක්විය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස මහතා පවතින බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව මිදීම සඳහා අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හර්ෂණ රාජකරුණා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර් සහ ගයන්ත කරුණාතිලක යන් මන්ත්‍රීවරුන් ද රත්නායක අබේරත්න සහ සහන් කිරින්දගේ මහතා ද එක්විය

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *