චීන රෝහලක සිදුවූ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් 21කට තුවාල

චීනයේ නිරිතදිග යුනාන් පළාතේ අද (07) රෝහලක සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන Xinhua විසින් “ප්‍රචණ්ඩකාරී සිදුවීමක්” ලෙස මෙම ප්‍රහාරය හඳුන්වා ඇති අතර, Zhenxiong ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහලකදී සිදු වූ බවයි එම ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ.

එහිදී, කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරුව චීන ආරක්ෂක අංශ විසින් එම ප්‍රාන්තයේ නගරයකින් එක් පිරිමි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාරයට හේතුවද මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැහැ.

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *