චීන හැකරුන් ට්‍රම්ප්ගේ නීතිඥයාව හැක් කරලා

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයෙකුගේ දුරකථන ඇමතුම් සඳහා චීන හැකර්වරුන් රහසිගතව සවන් දී ඇති බව FBI නිලධාරීන් විසින් එම නීතිඥයාට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව FBI නිලධාරීන් විසින් නීතිඥ ටොඩ් බ්ලැන්චේට දැනුම් දී ඇත්තේ, හැකර්වරුන් ඔහුගේ දුරකථනයෙන් හඬ වාර්තා සහ කෙටි පණිවිඩ කිහිපයක් ලබා ගැනීමට සමත්ව ඇති බවයි.

‍රහසේ සවන්දුන් දුරකථන ඇමතුම් වැඩි වශයෙන් ඔහුගේ පවුලේ අය සමඟ නීතිඥවරයා සිදු කළ දුරකථන සංවාද බැවින් මෙම සිද්ධිය ට්‍රම්ප්ට සෘජුවම බලපා නොමැති බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

අදාළ සිද්ධියෙන් අනතුරුව ට්‍රම්ප්ගේ නීතීඥයා වන ටොඩ් බ්ලැන්චේ හට නව දුරකථන අංකයකට මාරු වීමට සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *