චීවරධාරියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

සිදුවීම වාර්තා වන්නේ ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයෙන්.

තුවාල සහිත පුද්ගලයෙකු නිවසක රැඳී සිටින බවට ගිරිඋල්ල පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනූව සිදුකළ සොයා බැලීමේදී තුවාලකරුව සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව තුවාලකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මරණය සම්බන්ධයෙන් සැකකරන චීවරධාරියා මරණකරුගේ ළඟ ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම චීවරධාරියා විහාරස්ථානයක රැඳී නොසිටි බවත්, සිය මවට අයත් මාරවිල ප්‍රදේශයේ නිවසක වාසය කොට තිබූ බවයි වාර්තා වුණේ.

පෞද්ගලික හේතුවක් මත පහරදීම සිදුකරන්නට ඇති බව පොලිසිය සැකකරනවා.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *