චෙන්නායි පරදා සන්රයිසස් ජය ලබයි

IPL තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදවා කඩුලු හයක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 165ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දු වාර 18යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *