ඡන්දෙ දාන්න ආපු විජෙයිට කරදරයක්

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති අතර එහි දී ප්‍රමුඛ නළුවන් කිහිප දෙනෙකු මැතිවරණ කොට්ඨාශ කිහිපයක දී සිය ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණා.

එම නළුවන් අතර කැපී පෙනුණේ ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හෙවත්, තලපති විජේයි.

ඔහු සිය ඡන්දය භාවිත කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ ආධාරකරුවන් දෙසිය දෙනෙක් පමණ ඡන්දපොළට පැමිණ ඇති බැවින් එහි දී සිදු වූ බාධාව සලකා සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඔහුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ‘ඉන්ඩියාග්ලිට්ස්’ පවසනවා.

මේ දිනවල රුසියාවේ දී රූගත වන GOAT (The Greatest of All Time) චිත්‍රපටයේ රූගත කිරීම් අතරමග නවතා දමා ඡන්දය භාවිත කිරීම සඳහා පෙරලා ඉන්දියාවට පැමිණ ඇති සුපිරි නළු විජේ තමිල්නාඩුවේ නීලංකාරී ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය පාවිච්චි කර තිබෙනවා.

කෙසේ නමුත්, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉන්දියාග්ලිට්ස් පමණක් වාර්තා කර ඇතැයි කියන ඇතැම් පුවත් වාර්තා සඳහන් කරන්නේ, එකී ප්‍රවෘත්තිය සනාථ කරන නිල ප්‍රකාශයක් නොමැති බවත්, විජේයිගේ මාධ්‍ය ප්‍රකාශක එම වාර්තාවලට ප්‍රතිචාර දක්වා නොමැති බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *