ජනගහන අනාවැකිය

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

නමුත් එලෙස ජනගහනය සියයට 12 කින් පහළ ගියත් 2100 වසරේදීත් චීනයේ ජනගහණය මෙන් 2.5 ගුණයක් ඉන්දියාවේ සිටිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.

ලෝක ජනගහන අපේක්ෂාවන් 2024 වාර්තාව ඊයේ (11) නිකුත් වූ අතර එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පුරෝකථනයන් සිදු කළේය. ඉදිරි වසර 50 – 60 ක කාලය තුළ ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් වර්තමානයේ බිලියන 8.2 ක් වන ලෝක ජනගහනය 2080 දශකය මැද භාගය වනවිට බිලියන 10.3 දක්වා ඉහළ යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

පසුව ලෝක ජනගහනය 2100 වසර වනවිට නැවතත් බිලියන 10.2 දක්වා පහත වැටෙනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *