ජනපතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අවශ්‍ය නියෝග සහ උපමාන ද එම චක්‍රලේඛය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

ඒ අනුව අදාළ චක්‍රලේඛය මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවත් ඉදිරියේදී එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *