ජනපතිවරණ දිනය මේ සතිය අවසානයට පෙර

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හා නාම යෝජනා කැඳවන දිනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළා.

එම කොමිෂන් සභා කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ උද්ධමනය හමුවේ වියදම් වැඩි වුවත් 2023 අයවැය මගින් වෙන්කරන ලද රුපියල් බිලියන 10 කළමනාකරණය කරගනිමින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මේ අතර, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට පවතින ආසන්තම දිනය සැප්තැම්බර් මස 21 වනදා බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *