“ජනපති අනුරට හෙට උදේ 10 වෙනකම් කල් දෙනවා, මං හිරේ ඉදන් හරි මේක එළියට දානවා “

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල සකස් කළ වාර්තාව හෙට (20)පෙරවරු 10 වන තෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනතාවට ප්‍රසිද්ධ නොකලහොත් තමා එය ජනතාවට එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ තමා මෙම පාස්කු වාර්තාව එළිදැක්වීම මුල් කරගෙන අත්අඩංගුවට ගැනීමක් සැලසුම් දියත් කරන බවයි.

රාජ්‍ය රහස් එළි දැක්වීමේ වරදක් මත තමාව වසර 14 කට සිරගත කිරීමට හැකිව ජනාධිපති නීතිඥවරුන් පවසා ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් පාස්කු වාර්තාව එළිදැක්වීම කළ යුතු යැයි පවසා සිටියදී මේ වන විට සිරිල් ගාමිණී පියතුමා දැන් බියට පත්ව සිටින බව ඔහු අවධාරණය කර සිටියා.

මේ තුළින් ජාතික ජනබලවේගය විසින් කතෝලික ජනතාව රැවටීමක් සිදු කරන බව හැගෙන බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය ඒකාධිකාරිය විසින් නවතා දැමීමට නොහැකි ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට පත්වුණත් ඉම්රාන් ඛාන් මෙන් සිරගෙදර සිට හෝ AI තාක්ෂණය ඔස්සේ මැතිවරණය මෙහෙයුවා මෙන් තමා ද සිරගෙදර සිට පාස්කු වාර්තාව එලිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *