”ජනපති අපේක්ෂකයින්ට විදේශ පරිත්‍යාග ලබාගන්න බැහැ”

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් පී.බී.සී. කුලරත්න මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හිමිකාර ආයතන සමඟ සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *