ජනපති ඉන්දුනීසියාවට

දසවන ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් 364 දරණ යානයෙන්.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයක් අනුවයි ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගිවන්නේ.

එය අද සිට අනිද්දා දක්වා පැවැත්වෙනවා.

සාමූහික සෞභාග්‍ය සඳහා ජලය යන තේමාව යටතේ අනිද්දා ජනාධිපතිවරයා දේශනයක් සිදු කිරීමට නියමිතයි.

අනතුරුව ජනාධිපතිවරයා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුලු නියෝජිතයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *