“ජනපති මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකටයි”

ජනාධිපතිවරයා මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකට බවත් ඔහු අපේක්ෂකයෙක් නිසා පොලිස්පති පත් කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (29) මොනරාගල පැවැති ගොවිජන සමුළුව අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු කාටවත් ඒ ගැන කතා කරන්න හෝ සාකච්ඡා කරන්න නොහැකි බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සටකපට උප්පරවැට්ටි තුළින් තමන්ගේ ජනාධිපතිකම රැකගන්න උත්සාහ කරන බවත් කතානායකවරයාට විනිසුරුවන් සමඟ සාකච්ඡා කිරීම සදාචාරසම්පන්න නොමැති බවයි.

අද රටේ ක්‍රියාත්මක වන්නේ සටකපට විනාශකාරී කෘර මෘග පාලනයක් බවත් මේ පාලනය තුළ ගොවියා ධිවරයා විනාශ කර ජනාතාව දුප්පත් කර මන්දපෝෂණය වැඩි කර ලක්ෂ 220 ජනතාව අනාථ කර මේ වන විට ජනතාව තමාට ඡන්දය දෙන එක වළක්වන්න ආණ්ඩුව විවිධ ඩීල් ගහන බව හෙතෙම කියා සිටියා.

සජිත්ට ඡන්දය දුන්නොත් ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කර හොරු අල්ලා හොරා කාපු මුදල් නැවත රටට පවරා ගන්නා නිසාත් රට බංකොලොත් කළ අයට අධිකරණය හමුවේ උත්තර බදින්නට සිදුවන නිසාත් මොවුන් බිය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *