ජනපති රනිල් සහ මහින්ද අතර අද විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් තව මොහොතකින් පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙනවා.

ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේදී යි.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් ගැනීම සඳහා එම පක්ෂයේ විධායක සභාව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වීමට නියමිතයි.

හෙට පස්වරු 04ට කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාර්ශ්ව කිහිපයකට බෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ඔවුන් මෙතෙක් තීරණය කර නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *