ජනපති සහ එස්. ජයශංකර් අතර හමුවක්

නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර හමුවක් අද (10) සිදු වුණා.

ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් පවසා තිබෙනවා.

මේ අතර, නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනය ද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළ බවද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *