ජනප්‍රිය ක්‍රිකට් තරු තිදෙනෙකු ස.ජ.බෙන් ඡන්දයට

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු සමගි ජන බලවේගයෙන් දේශපාලනයට අවතීර්ණ වන්නට සූදානම් වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.
අදහස් දක්වමින් පාර්ලිම්නේතු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ මේ වනවිට එම ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කිහිපයක් සිදුකළ බවයි.එම ක්‍රීඩකයින් කවුරුන්ද යන්න මෑත දිනකදී දැනුම් දෙන බවයි ඔහු වැඩිදුටරත් අදහස් දක්වමින් කියා සිටියේ.අපට වාර්තා වන පරිදි එක් ක්‍රීඩකයෙකු ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රීඩකයකුවන අතර ඔහු ජාත්‍යන්තර වාර්තා රැසක් හිමිකරගෙන ඇති ක්‍රීඩා තරුවක් බවයි.ඔහු එළඹෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට සාකච්ඡා කරමින් සිටින බවයි  වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *