ජනසෙත පෙරමුණ නාමයෝජනා අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පුළුවන් මගේ පක්ෂෙන් ඉල්ලන්න පොදු ජනපෙරමුණ සහ රනිල් මහතා ළඟ ඉන්න අයටත් පුළුවන්
බත්තරමුල්ල සීලරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු ජන සෙත පෙරමුණ දිවයින පුරා නාම යෝජනා සඳහා අත්සන් තැබීම එම පක්ෂයේ කාර්යාලයේදී සිදුවුණා මෙහිදී සෑම දිස්ත්‍රියක් දිස්ත්‍රියක්ම ආවරණය වන පරිදි නාම යෝජනා අත්සන් තැබීම සිදුවුණා

අනතුරුව ජනසෙත පෙරමුණේ නායක බත්තර මුලේ සීරී රතන හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලි වලට කැඩිලා තියෙන්නේ මැතිවරණ කොමිසම නාමයෝජනා දෙන්නත් බෑ කියලා

මං ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාක්ෂිකයන්ට යන්න තැනක් නැත්තං එක එක හරක් පස්සේ මංකොල්ලකාරයෝ පස්සේ යන්නැතුව ජන සත පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයට එන්න කියලා

පොදු ජන පෙරමුණත් රනිල් ගාවින් අයින් වුන අයටත් මාත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා

මැතිවරණය නිසා නතර වුණු පොහොට සහනාධාරය ගොවියාට ඉක්මනට ලබා දෙන්න ජාතික ජන බලවේගය කෑගහපු අය දැන් පොහොර දෙන්නේ නෑ කියල කෑගහන්නෙ නෑ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලන්න කියලා

IMF එක ගැනත් කතා කරන්න ඕනේ රනිල් මහත්තයා ගිය පාරෙම තමයි මේ රජයත් ක්‍රියාත්මක කරන්නේ ඊට කලින් කිව්ව දේවල් කරන්න

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *