ජනාධිපතිතුමන් සහ බැසිල් රාජපක්ෂ මැතිතුමන් අතර ඊයෙ (21) හවස පැවති සාකච්ඡාවේ සාරාංශය

01 පළමුව පවත්වන්නේ මහ මැතිවරණය ද නැත්නම් ජනාධිපතිවරණය ද යන්න සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ පක්ෂයක් විදිහට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයකට සාපේක්ෂ වැඩි නැඹුරුවක සිටින බවයි.නමුත් ඒ පිළිබඳ අවසානාත්මක තීරණය කුමක්ද යන්නට පිළිතුරක් මේ සාකච්ඡාවේදීම ලබාගැනීමට තමන් කලබල නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර තිබෙනවා.මහජන මතයත් ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මත් සැලකිල්ලට ගෙන ඒ ගැන අවසන් තීරණයක් ගතයුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා හමුවේ වැඩිදුරටත් සදහන් කර තියෙනවා.

02 පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය වෙනස් කිරීමට අදාල සංවාදය හේතුවෙන් මැතිවරණ කල්දැමීමක් ගැන අලුත් සැකයක් සමාජගත වෙමින් පවතින බවත් එය සුබදායක තත්ත්වයක් නොවන බවත් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත.එහිදී ජනාධිපතිතුමා සදහන් කර ඇත්තේ එවැන්නක් මගින් මැතිවරණ කල්දැමීමක් කිසිසේත්ම සිදුනොකරන බවයි.

03 දීර්ඝ කාලයක් තිස්සේ පළාත් සභා මැතිවරණය අවලංගු කර තිබීම සහ පසුගිය වසරේ සිට පළාත් පාලන මැතිවරණය කල් දැමීමත් හේතුවෙන් මතුවී ඇති ගැටලු බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී පෙන්වා දී ඇත.එක මහජන ජන්ද බල අයිතියට සිදු වූ බරපතල අසාධාරණය දෙක මහජන නියෝජිතයනගෙන් සැදුම් ලත් විය යුතු දේශපාලන විහුහයන් මහජන නියෝජිතයන්ගෙන් තොරව පැවතීමේ දී ඇතිවී ඇති ගැටලු තුන හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් හමුවේ නිර්මාණය වී ඇති පෞද්ගලික හා පොදු සමාජ ප්‍රශ්න .

04 රාජ්‍ය ව්‍යවසායන්ට අදාලව සහ අනෙකුත් ආර්ථික සංදර්භයන්ට අදාලව මේ මොහොතේ ක්‍රියාත්මක කරන ආර්ථිකමය තීරණ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතිකවාදී කදවුර සමග විධිමත් සංවාදයක් අවශ්‍ය බවත් බැසිල් රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවේදී සදහන් කල අතර ජනාධිපතිතුමා ඒ යෝජනාව පිළිගෙන තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *