ජනාධිපතිතුමා කියනවා පරණ ආර්ථික ක්‍රමය අයින් කරලා අලුත් ආර්ථික ක්‍රමයක් ගේනවා කියලා

හර්ෂද සිල්වා වොයිස් කට්

හිරුණිකා නංගි අයින් වෙලා කියලා මම දන්නෙ නෑ කෝල් එකක් දීලා බලන්න ඕනේ

අජිත් මාන්නක් පෙනුමට උන දේ අහලා මම ෂෝක් උනා නායකතුමත් එක්කත් කතා කරන්න ඕනේ ආයෙ අපිත් එක්ක එකතු වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා

අජිත් අපේ පක්ෂයේ ශක්තිමත් පුරුකක් මම කාගෙවත් වැරදි හොයන්නේ නෑ පක්ෂය ශක්තිමත් කරන එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ

චන්දෙ කාලෙට කොහොමත් නොමිනේෂන් ප්‍රශ්න එනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන් එතකොට ඔය වගේ ගැටලු ඇතිවෙනවා

වෛද්‍යවරු මහාචාර්යවරු වෘත්තිකයෝ දැන් පක්ෂයකට එකතු කරගෙන තියෙනවා ජනාධිපතිතුමා ඉල්ලන බලය මොකක්ද අපි එතුමාගේ කකුලෙන් අදින්නෙ නෑ අපි ආණ්ඩුව විවේචනය කරන්නේ නෑ යම් යම් දේවල් ගැන ධනාත්මක සිතුවිලිත් අපි ගාව තියෙනවා

සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අගමැති ධූරය යටතේ අපි ආණ්ඩුවක් නිර්මාණය කරනවා ඒක තමයි අපේ බලාපොරොත්තුව

ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද නුගේගොඩ සන්තානම්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *