ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් නෑ

ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම අදහස් ප්‍රකාශ වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදීයී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජූලි මස මැද සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මෙහිදී සාකච්ඡා වූ කරුණු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වසරේ පළමුව පවත්වන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට 4ක් ඉකුත් මාර්තු මස සිට පැවති අතර පස්වැනි වටයේ සාකච්ඡාව පැවැත්වුණේ ඊයේ දිනයේයි.

එහිදී මහමැතිවරණයක් මුලින් පැවැත්විය යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාව පිළිබඳව නැවත සාකච්ඡා කර ඇති නමුත්ජ නාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව පළමුව මහමැතිවරණය පැවැත්වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් මහමැතිවරණය පිළිබඳ අදහස අත්හැර දමන්නට බැසිල් රාජපක්ෂගේ පාර්ශ්වයට සිදුවී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජූලි මස මැද සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවෙතත් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිර පොරොන්දුවක් මෙම සාකච්ඡාවේදී ලබාදී නැතැයි ද වාර්තා වනවා.

මේ අතර රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *