ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

එමෙන්ම කිසියම් නාමයෝජනාවක් සම්බන්ධයෙන් එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා ලැබෙනු ඇත.

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 40 දෙනෙකු ඊයේ (14) දහවල් 12 වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් වලදී ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවය.

එමෙන්ම ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ඡන්ද සලකුණු නිකුත් කිරීමක්ද සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

නාම යෝජනා භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මක කරයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 යන තෙදින තුළ සිදු කිරීමට නියමිත අතර ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් මස 4 වනදා සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින වෙන් කර තිබෙනවා.

නියමිත දිනයන්වලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා අමතර දින ලෙස සැප්තැම්බර් 11 සහ 12 වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *