ජනාධිපතිවරණයට කිසිඳු බාධාවක් නෑ

22 වැනි අණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (19) බදුල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ.

ඉදිරි සතිය තුළ ඉට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

තවද මේ සඳහා කිසිදු අයකුගේ බලපෑමක් නොමැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *