ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි පටලගන්න බැහැ මේ රටේ දමිළ ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලාංකික පක්ෂයක් අපි

අපිට මේ රටේ ජනපති අගමැති වෙන්න ලේසියෙන් අවස්ථාවක් නෑනේ
නීතියෙන් බාධාවක් නෑ අපිට දෙන්නේ නෑනේ
ඒකයි යථාර්ථය
අපිට තියෙන එකම අවස්ථාව පාර්ලිමේන්තු යන එකයි

අනුර කුමාර දිසානායක සහෝදරයා මගේ මිත්‍රයා ජනාධිපති වීම ගැන මම සතුටු වෙනවා
ඒකෙ අර්ථය වෙන්නේ එතුමගේ පක්ෂයට ආණ්ඩුවට යනවා කියන එක නෙවෙයි ඉන්න තැන ඉඳගෙන වැඩ කරන මිනිහා මම
සහයෝගය දෙනවා හොඳ දේවල් වලට වැරදි ඒවට මම කතා කරනවා
අපි පාර්ලිමේන්තු යන්නේ පොල් ගහන්න නෙමෙයි වැඩ කරන්න

අපි ටෙලිෆෝන් ලාංඡනය යටතේ මැතිවරණයට තරග කරනවා

මගේ සහෝදරයාව මැරුවා කියලා දුවලා ගියේ නෑ
පුළුවන් නම් මාවත් මරන්න කිව්වා ඒගොල්ලන්ට බැරි වුණා එදා එක කරන්න

අරගලය අපි තමයි කරේ කියලා කාටවත් එහෙම කියන්න බැහැ
අරගලෙන් ආවේ දූෂණයට විරුද්ධව අපිත් එකට විරුද්ධයි රාජ්‍ය දේපල අවභාවිතා කරන්න එපා. අපි විරුද්ධයි එකට
කට්ටියට විතරක් ඒක අයිතියි කියන්න බෑ අපිටත් අයිති ඒක

ආණ්ඩුවට විතරක් නෙමෙයි හොඳ දේට අපි කාටත් සහය දෙනවා
නරක දේට අපි ඉන්න තැන ඉඳලම විරුද්ධ වෙනවා

ජේ.ආර් මහත්තයා වගේ හයෙන් පහක බලයක් ලබාගෙන යන එක තමයි ඒකාධිපති වියරුවට අඩිතාලම දාන්නේ ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ
ඒක හොඳයි හැමදාම රනිල් වික්‍රමසිංහ වගේ මෛත්‍රිපාල වගේ චන්ද්‍රිකා වගේ එන්නෙ නෑ
එ අය අවලංගු කාසි වෙලා ඉවරයි

කඳුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය කියල එකක් තියෙනවා ආතා, තාත්තා,පුතා, මාමා, වගේ තවත් යනවා ඒක පරම්පරා හතරක් පහක් යනවා ඒක ට අපි කැමති නෑ ඒ ගොඩට අපිව දාන්න එපා
අපි ප්‍රගතිශීලී කණ්ඩායමක්
අපේ අයව පාරේ බල්ලෝ පූස් පැටව් වගේ ඇදගෙන යනකොට කවුද හිටියේ අපි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *