ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරික්ෂණයට අවසර හිමිවෙයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

එහිදී ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 317 ක් සහ වෙනත් පැමිණිලි ලෙස පැමිණිලි දෙකක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *