ජනාධිපතිවරණ රාජකාරිවලට පොලිස් නිලධාරීන් 50,000ක්

ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ජනාධිපතිවරණ කටයුතු භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිටත් ජනපතිවරණයට අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ගණනය කරමින් පවතින බවයි.

ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදවන සංඛ්‍යාව, පොලිස් බුද්ධි නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට අදාළ පොලිස් නිලධාරින් මෙන්ම අනෙකුත් ආරක්ෂක රාජකාරි සඳහා මෙම පිරිස යෙදවීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *