ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නැහැ – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටක් පාලනය කිරීමේදී අවශ්‍ය කුසලතාව හැකියාව හා දක්ෂතාව නොමැති බව පෙන්වා ඇති බවත් මැතිවරණයේදී කියු ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කරන්නත් නොහැකි වී ඇති බවත් එම නිසා පොල් ගෙඩිය පවා ලබා ගන්න පෝලිම් යුගයට යාමට සිදුව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දෙහිවල පැවැති ජන හමුවක් හා එක්වෙමිනි.

රටේ ජනතාවගේ ආදායම අඩුව බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් මේ රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම අප රට 2028 සිට විදේශ ණය ගෙවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය ඩොලර් සංචිත තිබිය යුතු බවත් එසේ ඩොලර් ලබා ගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් 2028 දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් නිසා ඒ වෙනුුවෙන් එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

තවද සැවොම එකට එකතු වී ජීවත් වන්නට පුලුවන් මූලික අවශ්‍යතාව සපුරා ගත හැකි රටක් කුසගින්නෙන් බඩගින්නෙන් තොර රටක් නිර්මාණය කරන්න සමගි ජන බලවේග රජයකට ශක්තිය ලබා දෙන ලෙසත් ලක්ෂ 220 ජනතාවගේ අවශ්‍යතාව මත රට ගොඩනගන්න සුදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

NEWS CLIP ☎ https://youtu.be/DJIC3xipqXo?si=nz1jBvKHxvGr1tmE

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *