ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඇප මත මුදා හරියි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ.

බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බව වාර්තා විය.

මේ අතර, බූස්ස බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාතාල නායක පොඩි ලැසී රඳවා සිටි විශේෂ සිරමැදිරිය ආසන්නයේ සඟවා තිබියදී ජංගම දුරකථනයක් සහ ජංගම දුරකථන උපාංග කිහිපයක් සොයා ගෙන තිබේ.

සොයා ගත් උපකරණ වන්නේ විනාශ වූ ජංගම දුරකථනයක්, චාජරයක්, හෑන්ඩ්ස් ෆ්‍රී කට්ටලයක් සහ දත්ත කේබල් දෙකකි.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරි ගණනාවක් සෝදිසි කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මෙම උපකරණ සොයාගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *