ජපානයේ මහාචාර්යවරුන් දෙදෙනෙක් චීනයේ දී අතුරුදන්

ජපානයේ ආසියා විශ්වවිද්‍යාලයේ චීන මහාචාර්යවරයෙකු ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ සිට චීනය තුළ දී අතුරුදන් වී ඇති බව ජපානයේ කයිදෝ පුවත් සේවය වාර්තා කරනවා.

ජපානය පදනම් කරගත් එම පුවත් සේවය වාර්තා කරන්නේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී නැවත සිය රටට පැමිණි 61 හැවිරිදි චීන මහාචාර්යවරයෙකු වන ෆෑන් යුන්ටාඕ (Fan Yuntao) මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

මහාචාර්යවරයා අතුරුදන් වීමට පෙර චීන බලධාරීන් සමග සම්බන්ධ වී තිබූ බව පවසන එම පුවත් වාර්තාව සැක පළ කරන්නේ, බොහෝවිට චීනය ඔහුව රඳවා තබා ගැනීමට ඉඩ ඇති බවයි.

මේ අතර ජපානයේ කෝබේ ගකුයින් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වූ හූ ෂියුන් (Hu Shiyun) ද චීනයට ගොස් ඇති අතර ඔහු ද ආගිය අතක් නොදන්නා බව එම විශ්වවිද්‍යාලය ඉකුත් මාර්තු මාසයේ දී නිවේදනය කළ බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා.

සැකපිට විදේශීය ජාතිකයන් ඇතුළු පුද්ගලයින් රඳවා තබා ගැනීමට තුඩු දෙන ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැකකරන පුද්ගලයින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චීනය ප්‍රකට වන අතර මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ,ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමේ උත්සාහයන් ශක්තිමත් කරමින් සිටින චීනයට එය අලුත් දෙයක් නොවන බවයි.

කෙසේ නමුත් මෙම මහාචාර්යවරුන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගෝලීය අවධානයට යොමුව ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *