ජයගත් අයට වගේම පරජයට පත් අයටත් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනිමේ වගකීම තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් රජයට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් රට මුහුණ දෙන අභියෝග ජය ගන්නට සමගි ජන බලවේගයට ද කාර්යක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට මේ වන විට බහුවිධ අභියෝග රැසකට මුහුණ දෙන බවත් ළමා දිනය වැඩිහි⁣ටි දිනය ගැන කතා වෙද්දි දශලක්ෂ ගණනින් දරුවන් බඩගින්නෙන් කුසගින්නෙන් සිටින බවත් මොවුන් දැඩි පීඩනයකින් අසහනයෙන් සිටින බවත් රැකියාවක් නොමැතිව තරුණ අසහනය පීඩනය නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහරගම පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝග ඇති බවත් රටට විසදුම් සැපයීමේ වගකීම ජය ගත් කණ්ඩායමට මෙන්ම පරාජයට පත් අයටද ඇති බවත් ඒ වගකීම ඉටු කරන්න සියලු දෙනා සුදානම් විය යුතු බවත් ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග වලට විසදුම් ලබා දෙන කණ්ඩායම බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජය ගත් අයට මෙන්ම පරාජයට පත් අයටද රටේ වගකීමක් ඇත

ජය ගන්නා අයට පමණක් වගකීම් බාර දීම බංකොලොත් රටකට සුදුසු නැති බවත් ඒ සදහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවත් රට ගොඩගන්නා වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙළක් විපක්ෂයට ඇති බවත් එයින් ඉවත් විය නොහැකි බවත් ජය ගත්ත අයට පමණක් රට ගොඩගැනීමේ වගකීම දෙනවා නම් එය රටට කරන ද්‍රෝහී කමක් බවත් මේ රට සියලු දෙනාටම අයිති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ප්‍රශ්න විසදන බලවේගයයි

සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රශ්න විසදන බලවේගයක් ලෙස බවත් එම ජයග්‍රහණය පොදුජන ජයග්‍රහණයක් කළ යුතු බවත් සියලු දෙනා එකට එකතු වී රටට අවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ඇති කළ යුතු බවත් නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සකස් කළ යුතු බවත් ජීවනෝපාය නිර්මාණය කර නව ව්‍යාපාරිකයන් බිහි කර අපනයනය කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවේචන මෙන්ම වැඩක් කළ යුතුයි

දශ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න බැහැ කියන බවත් එවැනි අසීරු තත්ත්වයක් තුළ ගතානුගතික ක්‍රමවේදවලට නොයා අලුතින් සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතු බවත් විවේචනයට පමණක් සීමා නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කරනවා යැයි කියන දේවල් කරන්න බැරි වෙද්දි ඒවා විවේචනය නොකර ප්‍රගතිශීලී ගමනකට යා යුතු බවත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් සුහුරු පුරවැසියන් බිහි කළ යුතු බවත් එදිරිවාදිකම් විරුද්ධතා තුළ සටන් පාට නිර්මාණය කළත් විසදුම් දීම අසිරු නිසා මේ අසීරු කාර්ය තෝරා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් විභාග ප්‍රශ්න පත්‍ර පවා විභාගයට පෙර එළියට එන බවත් ඒ නිසා රටක් ලෙස ඉහල තරගකාරිත්වයෙන් කටයුතු කළ යුතු නිසා විශිෂ්ඨ පුරවැසියන් බිහි කරන ගමනක් යා යුතු බවත් දුදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන අධ්‍යාපනයේ විප්ලවයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිනිය යුත්තේ රට සහ ජනතාවයි

දිනිය යුත්තේ රට සහ ලක්ෂ 220 ජනතාව බවත් ⁣භේදයෙන් තොරව ජන ජිවිත ජයග්‍රහණය කරන්න බෙදා හදා ගත් සෞභාග්‍යය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *