ජර්මනියේ සිට පැමිණි විදේශිකයෙකු කටුනායකින් යළි හරවා යැව්වේ ඇයි..?: හේතුව මෙන්න

වෙළෙඳ නාවිකයන් සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන “අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය” ( Continues Discharge Certificate ) නොමැතිව ත්‍රිකුණාමලය වරායේ නවතා ඇති නැවකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ජර්මාණු සරණාගතභාවය හිමි නාවිකයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා නොදී යළි හරවා යැවීමට ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (01) පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ 40 හැවිරිදි සිරියානු ජාතිකයෙක්. ඔහු ඉකුත් වසරේ ජර්මනියට පිවිස එහි සරණාගතභාවය ලබාගෙන තිබුණා.

ඔහු අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ, උදෑසන 09.50 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-664 දරණ ගුවන් යානයෙන්.

එම සිරියානු ජාතිකයා සිය ආගමන නිශ්කාශන කටයුතු සදහා ශ්‍රී ලංකාවේ නැව් සමාගම් නියෝජිතවරයා සමග කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කාර්යයභාර නිලධාරීවරයා වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි අතර “අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය” නොමැති වීම සහ වෙළෙඳ නාවිකයෙකු වශයෙන් තිබිය යුතු අනෙකුත් ලියකියවිලි ද ප්‍රමාණවත් පරිදි නොවීම හේතුවෙන් එම සිරියානු ජාතිකයා රට තුළට පිවිසීම අත්හිහිටුවා, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම යළි දෝහා වෙත පිටත් කර හැරීමටයි ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *