ජර්මනිය කැළඹෙයි – ජීවිත හතරක් බිලිගත් අපරාධය

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් හේතුවෙන් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (23) සවස පැවති උත්සවයක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සැකකරු තවමත් නිදැල්ලේ සිටින බවයි වාර්තා සඳහන් කරන්නේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එහි සිටි පුද්ගලයෙකු අහඹු ලෙස මිනිස්සුන්ට මෙසේ පිහියෙන් ඇන ඇති බවයි.

එම ස්ථානයේ සිටි හදිසි කාර්ය මණ්ඩලය තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කර තිබෙනවා.

එමෙන්ම පිහි ඇනුම සිදුකළ සැකකරු සෙවීම සඳහා පොලිසිය වාහන 40ක් යොදවා ඇති බව ද වාර්තා සඳහන් කරනවා.

මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග අවහිර වී ඇති අතර, සෝදිසි කිරීම් සිදු කරන බැවින් නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස නිලධාරීන් ඉල්ලා තිබෙනවා.

එරට පොලිසිය පවසන්නේ, ඇසින් දුටු සාක්ෂි අනුව පිහි අනුම සිදු කර ඇත්තේ එක් පුද්ගලයෙක් බවට උපකල්පනය කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *