දකුණු චීන මුහුදු සීමාව පදනම් කර ගනිමින් උද්ගත වූ චීන – පිලිපීන අර්බුදය දිග්ගැස්සෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, දකුණු චීන මුහුදේ මුර සංචාරයක් අතරතුරදී පිලිපීන යාත්‍රා දෙකකට එරෙහිව චීනය ජල කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දෙරට අතර මෙම අර්බුදය උද්ගත වී ඇති බවයි.
ඉකුත් දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පිලිපීන විදේශ කටයුතු අමාත්‍යංශය චීනයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ෂෝ ෂියොන්ග් කැඳවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
චීන වෙරළාරක්ෂකයින් විසින් එල්ල කල එම ජල ප්‍රහාරයෙන් පිලිපීනයේ වෙරළාරක්ෂක යාත්‍රාවකට සහ තවත් රජයේ බෝට්ටුවකට හානි සිදුව තිබුණා.
චීනයේ වෙරළාරක්ෂක බලකායේ සහ චීන සමුද්‍ර හමුදාවේ හිරිහැර කිරීම්, පහර දීම්, අවහිර කිරීම්, අනතුරුදායක උපාමාරු, ජල කාලතුවක්කු භාවිතය සහ අනෙකුත් ආක්‍රමණශීලී ක්‍රියාවන්ට පිලිපීනය විරෝධය පළ කරනවා.
එමෙන්ම පිලිපීනය පවසන්නේ චීනය එල්ල කළ ජල කාලතුවක්කු සිද්ධියේ පීඩනය කලින් භාවිතා කළ ඕනෑම දෙයකට වඩා බලවත් බවයි.