ජල සැපයුම කොට උඩ

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 31ක් අවධානම් මට්ටමට ලඟාවී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඉන් ජල සම්පාදන ක්‍රම 25ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය ලංකාදිපයට පැවසුවාය.

ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඉංගිරිය, නිවිතිගල, පැල්මඩුල්ල, නාරම්මල හා ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවත් කළුආරච්චි මහත්මිය කීවාය.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව කළමණාකරනය කරමින් ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළාය.

ජල පරිබෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත් ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් කළුආරච්චි මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශවලට අවශ්‍යනම් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *