ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලය හා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා.

දෙපාර්ශවය අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වන අතර, ඔවුන් හෙට සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යනු ඇති.

මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා.

එළඹෙන දින දෙකක නිහඬ කාලයේ ප්‍රචාරණ කටයුතුවලින් තොරව පැවතිය යුතු අතර පොලීසිය විසින් සියලු‍ පෝස්ටර්, කටවුට් ඉවත් කළ යුතු වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *