ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ජනතා කේන්ද්‍රීය විය යුතුයි

බංකොළොත් වූ රටක් ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වන නමුත් එම එකඟතාවන් ජනතා කේන්ද්‍රීය වියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 237 වැනි අදියර යටතේ ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එහිදී පාසැලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *