ජාතික අලු‍ත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී

ජාතික අලු‍ත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අද පැවැත්වුණා.

2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා.

57 වන වරට පැවැත්වූ මෙම අලු‍ත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද අලුත් සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කරනු ලැබුවා.

කළට වේලාවට වර්ෂාව ලැබී සහල් ඇතුළු සියලු‍ ධන ධාන්‍යවලින් සශ්‍රීක වීමේ අරමුණින් අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙනවා.

මෙම අවස්ථාවට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් ද එක්ව සිටියා.

මේ අතර, ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (05) එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *