ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 29 වනදා සිට

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දින පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වනදා සිට මැයි 09 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *