වෛද්‍ය වෘක්ෂාන් බෙල්ලන
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජාතික රෝහල
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති රෝහල් චතුරස්‍ර මාර්ගය දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම හේතුවෙන්
රෝහලට පැමිණෙන රෝගීන් වෛද්‍යවරුන් රෝහල් සේවකයින් රෝගීන් බැලීමට පැමිණෙන පිරිස්වලට විශේෂයෙන් ගිලන් රථ වලට බාධාවන් නැති වී තිබෙනවා
එයට හේතුව මෙම මාර්ගය කුලී තීරෝද රථ රියදුන්නන් රෝගීන් බැලීමට පැමිණෙන පිරිස
සහ වෙනත් අය මෙම මාර්ගය භාවිතා කිරීමයි
මේ පිළිබඳව අපි කීප විටක්ම දැනුවත් කරා පොලිස් රථ වාහන අංශයට මෙම මාර්ගය අවභාවිතා වීම වළක්වා දින ලෙස
මාස කීපයක් තිස්සේ දැනුම් දුන්නත් අද වනතුරු එය සිදුවී නැහැ මාධ්‍යවේදීන්ට දැකගන්න පුළුවන් විවිධ තීරෝද රථ ඇතුළු වාහන මෙම රෝහල් චතුරස්‍රය අසල ගැවසෙන අයුරු
බස්නාහිර රථවාහන පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මාර්ගයේ ගමන් ගන්නා අයට වඩා රෝහලේ සිටින සහ රෝහලට එන අයගේ මානව හිමිකම් කඩවන බව
එබැවින් මෙම මාර්ගයේ අනවසර ගමන් බිමන් නවතා ගිලන් රථයකට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව සලස්වන ලෙස ඉල්ලා සිටිනවා