ජාති හා ආගම් අතර ඇති සංහිඳියාව රටේ ශක්තිය බව විපක්ෂ නායක කියයි

අපේ රටේ ජාතීන් අතර එකමුතුභාවය ආගම් අතර සංහිඳියාව මිත්‍රශීලීත්වය සදාකල් රැකගත යුතු බවත් රට රටේ ශක්තිය බවත් ඒ ආගම්වලට ලබා දිය යුතු ස්ථාවරය ගෞරවය ලබා දිය යුතු බවත් විවිධත්වය අගය කළ යුතු බවත් විවිධත්වය තුළ නිර්මාණය වන ඒ සංස්කෘතීන්වලට වටිනාකමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) කොළඹ දී ඉෆ්තාර් උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී.

ආගම් හා ජාති අතර, ඇති අනන්‍යතාව රැකගෙන ආගමික නිදහසේ අයිතිය රැක ගෙන සැබෑ නිදහස් නිවහල් රටක් තුළ ඔබ අප විශ්වාස කරන ආගම දහම රැකගෙන ඉදිරියට යාමට එක්වන ලෙසත් සඳහන් කළා.

ඉස්ලාමීය ආගමික පිළිවෙත්වලට අනුව ක්‍රියාත්මක උපවාස ක්‍රියාවලිය තුළ සියලු දෙනා අතර මිත්‍රත්වය, සහෝදරත්වය, එකමුතුභාවය සහ ඉස්ලාමීය ආගමික ධර්මය තුළින් කියැවෙන උතුම් ගුණාංගයන් සපුරාලන කාලවකවානුවක් වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *