ජාවාරම්කරුවෙකුගේ ගෙදර සාද දැමූ පොලිසියේ දෙන්නෙකුගේ වැඩ තහනම්

රාජකාරී වේලාවේ කසිප්පු ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.

මේ අනූව බිංගිරිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙසේ කසිප්පු ජාවාරම්කරුගේ නිවසට ගොස් මත්පැන් පානය කිරීමේ වරදට එම නිලධාරීන්ගේ වැඩ තහනමට ලක්කිරීමට කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ ඉකුත් (27) පියවර ගත්තා.

බිංගිරිය පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ මෙලෙස වැඩ තහනමට ලක්කර තිබෙනවා.

මෙකී නිලධාරීන් දෙදෙනා 23 වැනිදා රාජකාරියට වාර්තා කොට උසස් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව පිටත්ව ගොස් තිබුණා.

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට එදා රාත්‍රියේ තොරතුරක් ලැබී ඇත්තේ නිලධාරින් දෙපළක් බිංගිරිය කහවල වත්ත ප්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවෙකුගේ නිවසක මත්පැන් සාදයක සිටින බව‍යි.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අදාල නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ස්ථානාධීපතිවරයා දුටු පොලිස් නිලදාරීන් වෙරි මතින් පැමිණි යතුරුපැදිය අත්හැර පලාගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ.

ඉන් පසුවයි මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *