ජෙනරේටරයක් පිය පුතු බිලිගනී

විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද (23) අලුයම ජිවිතක්ෂයට පත් වි ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙකු සහ 17 හැවිරිදි ඔහුගේ පුත්‍රයායි.

වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදී ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිටිම නිසා කාමරයක් තුල විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගොස් ඇති අතර, අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය විසින් පුපුරැස්ස පොලිසිය දැනුම් දී තිබෙනවා.

පුපුරැස්ස පොලිසියේ නිලධාරින් ඒ පිලිබදව සොයා බැලිමේදි පුතා සහ පියා ජිවිතක්ෂයට පත් වි ඇති බවට තහවුරු වු නිසා සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමෙන් පසු ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් කාන්ති ප්‍රනාන්දු විසින් සිදුකළ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගම්පොළ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට පුපුරැස්ස පොලිසියට නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු කාබන්මොනොක්සයිඩ් වායුව අග්‍රාහණය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *