ජේ. ශ්‍රී රංගා මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඊට අමතරව ශ්‍රී රංගා මහතා ඉදිරි පැය 48 තුළ කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජේ. ශ්‍රී රංගා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම්කාර ශ්‍රී රංගා මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *