ට්‍රම්ප්ට වෙඩි තබයි

ඇමරිකාවේ එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා හි දී පැවති මැතිවරණ රැලියක් අතරතුරදී සිට අධාරකරුවන් අමතමින් සිටි එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තැබීමකට ලක්ව තුවාල ලබා තීබේ.

මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මිය ගොස් ඇති අතර, රැලියට සහභාගි වූ අයෙකු වෙඩි තැබීමෙන් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ජනාධිපති ආරක්ෂක අංශය වන සීක්රටස් සර්විස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් ලෙස සැකකරමින් විමර්ශනය කරමින් පවතින බවද එක්සත් ජනපද ආරක්ෂක අංශ සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ එක් කනකට තුවලා සිදුව ඇති අතර එම අවස්ථාව සටහන් වූ විඩියෝවේ හිටපු ජනාධිපතිවරයාගේ මුහුණ පුරාද රුධිරය ගලායන ආකාරයත් එම ස්ථානයෙන් ඔහුගේ ආරක්ෂයකයින් රැගෙන යන අවස්ථාවේදීද සිය ආධාර කරුවන් දිරිමපත් කරන ආකාරයද සටහන්ව තිබිණි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට සැකකාර වෙඩික්කරු හිටපු ජනාධිපතිවරයා සිය ආධාරකරුවන් අමතමින් සිටි ස්ථානයේ සිටි අඩි 200ත් 300ත් අතර දුර සිට උස් වහලයක් මත සිට AR වර්ගයේ රයිෆලයකින් වෙඩි තබා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයේ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ඇමරිකාවේ එෆ්.බී.අයි ආතනය මේවන විටත් පියවරගෙන ඇති බවට අනාවරණයවේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර සිටියේ මෙවැනි අමානුෂික ක්‍රියාවන් හට ඇමරිකාව තුල ඉඩක් නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු ඇමරිකාවේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රහාරය වැනි ක්‍රියාවන් සඳහා ඇමරිකාව තුල කිසිඳු ඉඩක් නොමැති බවයි.

හිටපු ජනාධිපති විසින් තමන් මේවන විට ප්‍රතිකාර ලබා රෝහල් පිටවත් ගොස් ඇති බවත්, තමා ජනාධිපති ආරක්ෂක අංශය ස්තූතිය පළකරන බවත් ට්‍රම්ප් ජනාධිතිවරයා ආරම්භ කල සිය සමාජ ජාල වෙබ් අඩවිය වන තෘෘත් හී සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති පරිදි ලබන සතියේ මිල්වෞකි හි රිපබ්ලිකන් ජාතික සමුළුවට සහභාගී වන බව ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය පවසයි.

මෙම සමුළුවේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් නම් කිරීමට නියමිතය. සඳුදා ආරම්භ වන උත්සවයේදී උප සභාපතිවරයා සඳහා ඔහුගේ තේරීම ප්‍රකාශයට පත් කිරීමට ද ඔහු සැලසුම් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *